දුම්කොළ පාලනය සදහා සම්මුතියක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2003 දී ඉදිරිපත් කරණ ලද අතර, ශ්‍රී ලංකාව එම සම්මුතියට අත්සන් කරණ ලද පළමු රටවල් අතරින් එකක් වේ. එම සම්මුතියට අනුගත වෙමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පණත 2006 වර්ශයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරණ ලදී.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට අනුකූලව,  ශ්‍රී ලංකාව තුල දුම්කොළ හා මද්‍යසාර නිවාරණය පිලිබඳව නීතිමය කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපිත කරන ලද ආයතනයකි.

දැක්ම

මෙහෙවර

අරමුණු

  • මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අදහසින් දුම්කොළ සහ මද්‍යසාර පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදුනාගෙන ක්‍රියාත්මක කිරීම.
  • දුම්කොළ නිෂ්පාදන සහ මද්‍යසාර නිෂ්පාදන අලෙවිය සහ පරිභෝජනය තක්සේරු කිරීමෙන් සහ සමීක්ෂණය කිරීමෙන් දුම්කොළ සහ මද්‍යසාර ආශ්‍රීත හානි තුරන් කිරිම.
  • ළමුන් දුම්පානයට හා මද්‍යසාර පාවිච්චියට යොමු වීම, අධෛර්යමත් කිරීමේ විධිවිධාන ඇතුළත් කිරීම පිණිස ඔවුන් දුම්කොළ නිෂ්පාදන වලට සහ මද්‍යසාර නිෂ්පාදන වලට ප්‍රවේශ වීමට ඇති මාර්ග හීන කීරිමේ ක්‍රියාමාර්ග සැළසීම.
FaLang translation system by Faboba