• දුම්කොළ නිෂ්පාදන හා මද්‍යසාර පිළිබද ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් දීම.
  • ජනමාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් සහ ප්‍රජා මූලික වැඩසටහන් මගින් සෞඛ්‍ය වර්ධන දිරි ගැන්වීම සහ සහය වීම.  
  • දුම්කොළ නිෂ්පාදන හා මද්‍යසාර නිෂ්පාදන පරිභෝජනයෙන් උද්ගත වන හානිය අවම කර ගැනීම සදහා උපාය මාර්ග නිර්දේශ කිරීම.
  • අනිසි ඖෂධ භාවිතය වැළක්වීම හෝ අවම කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් විමසා වැඩපිළිවෙලවල් සකස් කිරීම.
  • දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය, ආදායම් බදු, පරිපාලන සහ අනෙකුත් අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.
  • ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමීක්ෂණ හා ඇගයීම් කිරීම.
  • ප්‍රතිපත්තිවල ගැටලු සමීක්ෂණය කිරීම සහ අවශ්‍ය විය හැකි පරිදි ප්‍රතිපත්තිවල යම් වෙනස්කම් ඇති කිරීමට රජයට උපදෙස් ලබාදීම.
  • දුම්කොළ හා මද්‍යසාර හා සම්බන්ධ ගැටලු පිළිබද පර්යේෂණ දිරි ගැන්වීම සහ ඊට සහය වීම.
  • දුම්කොළ නිෂ්පාදන හා මද්‍යසාර නිෂ්පාදන, සැකසීම පරිභෝජනය සහ අළෙවියට අදාළ ආර්ථික, සෞඛ්‍ය හා වෙනත් ගැටළු සමීක්ෂණය කිරීම.
  • දුම්කොළ හා මද්‍යසාර පාවිච්චිය හා සම්බන්ධ පර්යේෂණ පැවත්වීම, ප්‍රවර්ධනය හා සම්බන්ධීකරණය.
  • දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කිරීමෙහි ලා අවශ්‍ය රාජ්‍ය නොවන සහ පෞද්ගලික අන්ශයේ සියලු සංවිධානවල සහභාගීත්වය ලබා ගැනීම.
  • දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා සමීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරී ප්‍රජා සහභාගීත්වය දිරි ගැන්වීම.
  • දුම්කොළ හා මද්‍යසාර පිළිබද අදාල ගැටලු පිළිබදව මහජනයාගෙන් තොරතුරු භාරගැනීම සහ අදාල ආයතනවලට අවශ්‍ය පියවර ගැනීමට නිර්දේශ කිරීම.
  • දුම්කොළ නිෂ්පාදන හා මද්‍යසාර නිෂ්පාදන සැකසීම හා පරිභෝජනය තුලින් උද්ගත වන හානිය අවම කිරීම සම්බන්ධයෙන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන නියෝජිත ආයතන හා සංවිධාන විසින් කරගෙන යන සියලු කටයුතුවල සම්බන්ධීකරණ නියෝජිත ආයතන ලෙස කටයුතු කිරීම.
  • දුම්කොළ හා මද්‍යසාර සම්බන්ධව සියලු විමර්ශන සහ අපරාධ නඩු කටයුතුවල ප්‍රගතිය සමීක්ෂණය කිරීම.
  • මද්‍යසාර සහ දුම්කොළ වලට සම්බන්ධ ගැටලු පිළිබඳව දේශීය, කලාපිය සහ ජාත්‍යන්තර සංවිධාන සමග සහයෝගීතාව ගොඩනගා නැගීම.
FaLang translation system by Faboba