ශ්‍රී ලංකාව තුල සිදුවන මරණවලින් ආසන්න වශයෙන් 70%  සිදු වන්නේ බෝ නොවන රෝගවල බලපෑම නිසයි. මෑතකදී කරන ලද සමීක්ශන අනූව 39.6% ක් පිරිමින් සහ 2.4% ක් කාන්තාවන් මද්‍යසාර භාවිත කරති. ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිත කරන්නන් වැඩිපුරම භාවිත කරන මද්‍යසාර වරග වන්නේ, බියර්, ස්ප්‍රීතු සහ වයින්ය.  2008 වසරේ සිදු කරන ලද සමීක්ශනය හා මෑත කාලීන සමීක්ශනය සැසදීමේදී මද්‍යසාර භාවිතයේ යම් අඩුවීමේ ප්‍රගතියක් පෙන්වන අතර තවදුරටත් නිවාරන වැඩසටහන් ජාතික මට්ටමින් සහ කලාපිය මට්ටමින් ක්‍රීයාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

යුද්ධයෙන් පසු පරිසරයත් සමගම මද්‍යසාර භාවිතය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලුවක් වි ඇත. දුප්පත්කම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, හිංසනය, ළමා අපයෝජන සහ වෙනත් සමාජ ගැටලු මේ තත්වය නිසා ඉහළ යාමක් පෙන්නුම් කරයි. මේ හේතූන් නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් විශේෂ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. මෙම වැඩසටහන් මාලාව යටතේ ප්‍රාථමික නිවාරණ වැඩසටහන්, ප්‍රතිකාර කිරීම්, දිස්ත්‍රික්කයේ පවතින සෞඛ්‍ය සහ සමාජ සම්පත් භාවිතයෙන් සිදු කිරීමට සැළසුම් කර ඇත.

ඔක්තෝම්බර් මාසය තුලදී මෙහි වැඩසටහන් 2ක් පැවත් වූ අතර, පළමු වැඩසටහන යටතේ ඔක්තෝම්බර් 1 දින සිට 3 වන දින දක්වා සෞඛ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම, අනුරාධපුර රාජාංගනය සේවා ලංකා ආයතනයේදී පැවත්විණි. එසේම ඔක්තෝම්බර් 23 දින සිට 27 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් සදහා වන පුහුණු වැඩමුලුවක් අනුරාධපුර රංදිය හෝටලයේදී පැවත්වීණි.

 

FaLang translation system by Faboba