දුම්කොළ පාලනය පිළිබද අන්තර්ජාතික සම්මුති ලේකම් කාර්යාලය විසින් නීති විරෝධි දුම්කොළ නිෂ්පාදන වෙළදාම කෙරෙහි ප්රමුඛ අවධානයක් ලබා දී ඇත. මේ වෙනුවෙන් කලාපීය සහ උප කලාපීය වශයෙන් වැඩමුලු කිහිපයක් පැවත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය සදහා වූ සම්මුති ලේකම් කාර්යාලය සැළසුම් කර ඇති අතර එහි දකුණු ආසියානු කලාපීය වැඩමුලුව ශ්‍රී ලංකාවේ දී 2015 ඔක්තොබර් 13-14 දෙදින තුල ගෝල්ෆේස් හෝටලයේදී පැවත්විණි.