සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සහයෝගීතාවය ඇතුව දිස්ත්‍රික් මට්ටමේ දුම්කොළ නිවාරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණෙන් මෙම දිස්ත්‍රික් දුම්කොළ මෙහෙයුම් ඒකක ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ස්ථාපිත කරන ලදී.

පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, දිස්ත්‍රික් දුම්කොළ නිවාරන මෙහෙයුම් ඒකකයන්ගේ, ප්‍රධානත්වය දරන අතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, වෛද්‍ය නිළධාරී බෝ නොවන රෝග අංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් නිර්දේශ කරන ලද රාජ්‍ය නොවන සංවිධානයක් යන සාමාජිකයන්ගෙන් දිස්ත්‍රික් දුම්කොළ නිවාරණ මෙහෙයුම් ඒකකය ගොඩනැගේ.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් දුම්කොළ නිවාරණ මෙහෙයුම් ඒකකයන් සක්‍රීය කිරීම සඳහා කටයුතු දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ආරම්භ කර ඇති අතර එහි පළමු වැඩසටහන අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේදී අගෝස්තු 10 වන දින පැවත්වේ.

FaLang translation system by Faboba