ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජූලි 9 වන දා සිට අගෝස්තු 8 දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කරන ලදී. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව විවිධ වූ වැඩසටහන් සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැවත්වීමට මෙම මාසය තුල සැළසුම් කර ඇති අතර, විශේෂයෙන්ම අවධානය යොමු කර ඇත්තේ මහජනයා මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමයි. මෙම වැඩසටහන යටතේ විවිධ ආයතන විසින් විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පාසල්, සායන, සහ ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව පැවත් වූ අතර දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරිය එම වැඩසටහන් සඳහා සහයෝගය ලබා දීම සිදු කරන ලදී.

FaLang translation system by Faboba