දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොලිස් නිළධාරීන් සඳහා වන වැඩමුළුව
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් නිළධාරීන් ලෙස පොලිස් නිළධාරීන්ටද පනතින් බලය ලැබී ඇත. ඵලදායි ලෙස පනත ක්‍රියාත්මක කිරීම සඳහා පනත පිළිබඳව පොලිස් නිළධාරීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ඉදිරියේ පැවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර එහි ආරම්භක වැඩසටහන බස්නාහිර පලාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන්ට දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේදි නොවැම්බර් 06 වන දින පැවත්විණි.