දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් නිළධාරීන් ලෙස සුරාබදු නිළධාරීන්ටද පනතින් බලය ලැබී ඇත. ඵලදායි ලෙස පනත ක්‍රියාත්මක කිරීම සඳහා පනත පිළිබඳව සුරාබදු නිළධාරීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ඉදිරියේ පැවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර එහි ආරම්භක වැඩසටහන ජ්‍යෙෂ්ඨ සුරාබදු නිළධාරීන්ට දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේදි නොවැම්බර් 13 වන දින පැවත්විණි.

FaLang translation system by Faboba