දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ තවත් එක් වගකීමක් වන්නේ දුම්කොළ හා මද්‍යසාර භාවිතය සම්බන්ධව විවිධ ගැටලු සමග ක්‍රියාත්මක විම සඳහා ඵලදායි ක්‍රමවේදයක් ගොඩ නැගීමයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දුම්කොළ හා මද්‍යසාර පනතට අදාල නීතීන් බලාත්මක කිරීමට අදාල අධිකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සැප්තැම්බර් මාසයේ සිට පැවත්වීමට සැළසුම් සකසා ඇත.

නීති නිළධාරීන් දුම්කොළ සහ මද්‍යසාර පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධව විශේෂ කාර්යභාරයක් සිදු කරන අතර ඉතා ඵලදායි ලෙස පනත ක්‍රියාත්මක කිරීම සඳහා මෙම වැඩසටහන් උදව් වනු ඇත. එසේම මෙම වැඩසටහන හරහා දුම්කොළ හා මද්‍යසාර පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැන නගින විවිධ ගැටළු මෙහිදී සාකච්ඡා කිරීමද සිදුවේ.

මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන දිවයිනම ආවරණය වන පරිදි මහේස්ත්‍රාත් වරුන් සදහා සැප්තම්බර් 19 දින BMICH හිදී පැවැත්විණි.

FaLang translation system by Faboba