(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

හැටන් , කොටගල නගරයේ මත්පැන්හලක් සොරුන් විසින් අද (11) අළුයම බිඳ දමා එහි තිබුණු මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් ඇතැයි දිඹුල- පතන පොලිසිය පැවසීය.

කොටගල නගරයේ, රොසීටා කඩ වීදියේ මත්පැන් හලක් මෙසේ කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබේ.

සොරකම් කරන ලද මත්පැන් ප්‍රමාණය නිවැරදිව මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය පිළිබඳව  දිඹුල -පතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

පුවත්පත සහ මූලාශ්‍රය :-  ලංකාදීප

FaLang translation system by Faboba